රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා නීති විරෝධී පොලිතින් ආහාර දවටන තොගයක් මීරිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සෞඛ්යාරක්ෂිත නොවන පොලිතීන් නිෂ්පාදන තහනම් කිරීමට රජය පසුගියදා පියවර ගත්තා. එහෙත් ඇතැම් කූට ව්‍යාපාරිකයින් එවැනි තහනම් පොලිතින් නිෂ්පාදන තවදුරටත් වෙළදපලට නිකුත් කරන බවට මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශයට තොරතුරු වාර්තා වී තිබෙනවා. එවැනි තොරතුරකට අනුව මීරිගම එල්ලක්කල ප්‍රදේශයේ මහාපරිමාන පොලිතීන් ආහාර දවටන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වටලා තිබෙනවා.
කිසිදු බලපත්‍රයක් නොමැතිව තහනම් අමුද්‍රව්‍ය යොදාගනිමින් මෙම කර්මාන්ත ශාලාවේ පොලිතින් ආහාර දවටන නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ . වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබූ පොලිතීන් නිෂ්පාදන තොගයක් පාරිභෝගික සේවා අධිකාරිය එහිදී අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවැනි වැටලීම් අඛණ්ඩවම සිදු කරන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ප්‍රකාශ කළේ.