දකුණූ ඉන්දියාවේ කේරල ප්රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
පවතින ධාරානිපාත වර්ෂාව , ගංවතුර සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු මුළුමින්ම අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. නිවාස සහ දේපලවලට සිදු වූ අලාභය ඉන්දීය රුපියල් බිලියන 83 ක් බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ඇලෝවා ප්රදේශයට ගංවතුරෙන් වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පනස් හතර දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර ඔවුන් වෙනුවෙන් සහන කටයුතු අඛණ්ඩව ක්රියාත්මකයි.