fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජල ගැටලුව විසඳන විසල් කුරුණෑගල ජන අයිතියට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 19:15

ජල ගැටලුව විසඳන විසල් කුරුණෑගල ජන අයිතියට

විසල් කුරුණෑගල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘති  අද ජනතා අයිතියට පත් කෙරුණා.  ඒ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන්. කුරුණෑගල නගරය හා තදාසන්න ප්‍රදේශ සදහා ජලසම්පාදන ක්‍රමයක් හා අපජල කළමණාකරන පද්ධතියක්  පිහිටුවීමේ ව්‍යාපෘති සිදු කෙරුණේ  විසල් කුරුණෑගල සංවර්ධන මෙහෙයුම යටතේයි. කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට ජලසම්පාදන ව්‍යාපෘතිය තුළින් පහසුකම් හිමිවනවා.

දැදුරුඔයෙන් ලබා ගන්නා ජලය පිරිසිදු කිරීම සදහා  ඉදි කළ ජල පවිත්‍රාගාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.  නගර සැළසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ජලසම්පාදන හා ජලාපහවන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය සිදු කෙරුණා.  විසල් කුරුණෑගල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරුණු තවත් ව්‍යපෘතියක් වන්නේ අපජල කලමණාකරණ පද්ධතියයි. ඒ  තුළින් කුරුණෑගල නගර සීමා සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන ලෙස කිලෝමීටර් 136 ක අපජලනල  එලා ඇති අතර ඊට සම්බන්ධ වූ අපජල කුටීර 3500 ක් තුළින් නිවාස, ආයතන, රෝහල්  ආදියේ අපජලය කළමණාකරණය කෙරෙනවා. මෙම අපජල කළමණාකරණ පද්ධතිය ද අග්‍රමාත්‍යවරයා අතින් විවෘත කෙරුණ. ව්‍යාපෘති සදහා චීනය රජයේ ආධාරද හිමි වූ අතර වැය කළ මුදල රුපියල්  බිලියන 15ක්.   ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව  අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන් පැමිණ සිටි ජනතාව ඇමතුවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 19:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්