ශ්රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 39 ක ආරක්ෂක ආධාර ලබා දෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බෙංගාල බොක්ක පාදක කර ගනිමින් ඇමෙරිකා රජය ක්රියාත්මක කරන වැඩසටහන් සදහා මෙන්ම ශ්රි ලංකාවේ මානුෂවාදී වැඩසටහන්වලට මෙම මුදල් වැය කෙරෙනු ඇති.
ආසියා කලාපය තුළ ඇමෙරිකා රාජ්ය ලේකම්වරයා පසුගිය සතියේ කළ සංචාරයක ප්රතිඵලයක් වශයෙන් ආසියා රටවල් සමග පවතින සම්බන්ධනා ශක්තිමත් කර ගැනීමට ඇමෙරිකා රජය අපේක්ෂා කරනවා. මේ අනුව බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, වියට්නාමය ඇතුලු රටවල් සඳහා ආරක්ෂක ආධාර සපයනු ඇති. ඉන්දු පැසිෆික් කලාපය ආවරණය වන පරිදි මෙම වැඩසටහන සිදු කෙරෙන බව ද ඇමෙරිකා රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.