fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු කොරියා – උතුරු කොරියා නායකයින් අතර 3 වන හමුව සැප්තැම්බර්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 15:52

දකුණු කොරියා – උතුරු කොරියා නායකයින් අතර 3 වන හමුව සැප්තැම්බර්

දකුණු කොරියා සහ උතුරු කොරියා නායකයින් අතර තුන්වන හමුව ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මුන් ජේ ඉන් අතර හමුව උතුරු කොරියාවේ පියොං යැං හිදී පැවැත්වීමට නියමිතයි.  මෙම රාජ්‍ය නායකයින් දෙදෙනා පසුගිය අප්‍රේල් මාසයේ සහ මැයි මාසයේ ද සාකච්ඡාවල නිරතවුණා.

ඒ කොරියා අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ සහ රටවල් දෙක අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින්. මේ අතර උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර අද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක්ද පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්