fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම දකුණු ආසියා ක්‍රීඩා උළෙලට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 13:56

කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම දකුණු ආසියා ක්‍රීඩා උළෙලට

ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා ක්‍රීඩා උළෙල සදහා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම තෝරාගෙන තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවති කාන්තා වෙරළ වොලිබෝල් තේරීම් තරගාවලියට ක්‍රීඩිකාවන් පනස් දෙදෙනෙකු එක්ව සිටියා.

ඉන් ක්‍රීඩිකාවන් විසිහය දෙනෙකු මුලික සංචිතයට තෝරා ගැනීමටයි කටයුතු කර ඇත්තේ. ජාතික වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේයි තරගාවලිය පැවැත්වුණේ. මෙම මූලික සංචිතය පුහුණු සැසි කිහිපයකින් අනතුරුව තවදුරටත් සීමා කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 13:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්