යාල වනෝද්‍යානයේ කලාප අංක 01 කොටස ලබන පළමු වනදා සිට ඔක්තොම්බර් 31 වනදා දක්වා වසා තබන බව වනජීවි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සංචාරක නිවාස අළුත්වැඩියාව හා උද්‍යානයේ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම අරමුණයි.
මීට අමතරව ලබන මස 23 වනදා සිට දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණයක් සිදුකිරිමට දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවාස එම දිනයන්හිදී වසා තැබීමට නියමිතයි.