කණිෂ්ඨ පාපැදිශූර හසිත් දුලාංජන ක්‍රීඩකයාට කොරියාවේ පුහුණුවක් හා එරට ජාතික කණිෂ්ඨ පාපැදි තරගාවලියට එක්වීමේ අවස්ථාව හිමිව තිබෙනවා. බලපිටියේ පැවති ජාතික කණිෂ්ඨ පාපැදි ශූරතාවලියේ කාලගණන තරගයේ පළමු ස්ථානය සහ පාපැදි තරගයේ හයවන ස්ථානය දිනා ගැනීමට හසිත් දුලාංජන සමත් වුණා.
අම්බලන්ගොඩ පී ද එස් කුලරත්න විදුහලේ දොළොස්වන ශ්‍රේණියේයි ඔහු ඉගෙනුම ලබන්නේ. ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහු මෙම තරගයට සහභාගී වී ඇත්තේ මිතුරෙකුගෙන් ඉල්ලා ගත් පාපැදියක් භාවිත කරමින්. අභියෝග මධ්‍යයේ තරගාවලියේ දක්ෂතා දැක් වූ හසිත් දුලාංජන ක්‍රීඩකයාට ගාලු දිසා පාපැදි සංගමය සමරු තිලිණයක් හා මුදල් පරිත්‍යාගයක් ද පිරිනැමුවා.