ඌව වෙල්ලස්ස දෙදිසාවේ සියම් මහා නිකායේ අධිකරණ සංඝනායක දඹවින්න ශ්‍රී මහා විහාරාධිපති පූජ්‍ය දඹවින්නේ ඥානසිරි ස්වාමීන් වහන්සේ අපවත් වුණා. අපවත් වී වදාළ පූජ්‍ය දඹවින්නේ ඥානසිරි ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය දඹවින්න ශ්‍රී මහා විහාරයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සදහා ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණ සිටියා.
අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ද ඒ අතර වනවා. පූජ්‍ය ඥානසිරි ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය දඹවින්න ශ්‍රි මහා විහාර මළුවේදී අනිද්දා සිදු කිරීමට නියමිතයි.