fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ජයගත් අවසන් තරගය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 12:30

තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ජයගත් අවසන් තරගය

සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවති පස්වන හා අවසන් එක්දින තරගය ලකුණු 178කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. මෙම ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් දක්ෂතා හේතුවූ බව නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රීලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු අටක් දැවී ලකුණු 299ක් ලබා ගත්තා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර විසිහතරකුත් පන්දු හතරක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 121ක් පමණයි. පිතිකරුවන් 9 දෙනෙකුම ලකුණු 12 සීමාව පසු කිරීමට සමත් වුණේ නැහැ. අනගි පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය කඩුළු 6ක් බිද දමමින් තරගයේ වීරයා බවට පත්වුණා.

නායක ඇන්ජලෝ මැතිව්ස් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සහ අකිල ධනංජය – අවසන් තරගයේ වීරයා,

මෙම තරගයෙන් අනතුරුව ද පසුගිය එක්දින තරගවලදී දක්නට ලැබුණු ප්‍රේක්ෂකාගාර පවිත්‍ර කිරීම ද දක්නට ලැබුණා. තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් තරගය අවසානයේ තැන තැන දමා තිබූ  කැලිකසල එක්රැස් කළා. ශ්‍රි ලංකාවේ පැවති ක්‍රිකට් තරගයකින් අනතුරුව මෙවැනි දර්ශනයක් දක්නට ලැබුණේ මෙම තරගාවලියේදීයි.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 12:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්