කොල්ලකෑමට පුරුදු වූ කොල්ලො තුන්දෙනෙක්
Related Articles
රන් භාණ්ඩ කොල්ලකෑම් රැසකට සම්බන්ධ තුන්දෙනෙක් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප්රකාශ කළා. විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් ඔවුන් වැල්ලවාය, වෙභෙරයාය, යාලබෝව සහ ඇතිලිය වැව ප්රදේශවල පදිංචිකරුවන්. අවුරුදු 17, 21 සහ 23 යන වයස්වල පසුවන සැකකරුවන් වැල්ලවාය මල්වත්තාවල ප්රදේශයේ පසුගියදා සිදුවූ රන් භාණ්ඩ කොල්ලයට ද සම්බන්ධ බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.