Life+News The Official News Portal of Independent Television Network Ltd

කදිරගාමර්ලා බලාපොරොත්තු වූ යහපාලනය අද බිහිවෙමින් තිබේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 19:43

කදිරගාමර්ලා බලාපොරොත්තු වූ යහපාලනය අද බිහිවෙමින් තිබේ

අද අගෝස්තු 12 වෙනිදා…  2005 වසරේ අගොස්තු 12 වෙනිදා කියන්නේ රටක් ලෝකයක් කම්පාවට පත් කළ දිනයක් ..ඒ මෙරට විදේශ ඇමැතිව සිටි ලක්ෂමන් කදිරගාමර් ඝාතනය කළ දිනය නිසයි. මේ රටේ පුරවැසියන් අතර ඇවිල වූ සිවිල් යුද්ධයේ කාලකන්නි ප්‍රතිපලයක් විදිහට කදිර්ගාමර් ඝාතනයට ලක් විය. එහෙත්  එදා ඝාතනයට ලක් වූයේ යහපාලනය ගැන රට වැසියාට තිබූ බලාපොරොත්තුව යි..  සාමය හා සංහිදියාව ගැන තිබූ විසල් බලාපොරොත්තුවයි…

පසුගිය කාලය පුරා පැවැති සිවිල් යුද්ධය නිසා රටට අවශ්‍ය රටට ආදරය කරපු තවත් මිනිස්සු දස දහස් ගනනක් ඝාතනයට ලක් විය. සිවිල් යුද්ධයට මුවා වී දේශපාලන හා පෞද්ගලික ප‍ටු උවමනාවන් නිසා තවත් සිය ගනනක් ඝාතනයට ලක් විය. විශේෂයෙන්ම 2005 වසරෙන් පසුව බලයට පත් වූ රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේ දී ඒ මජර පවුල් පාලනය රැක ගැනීම සදහා බොහෝ මිනිසුන් මරා දැම්මේය. තවත් සිය දහස්ගණනකට තර්ජනයට ගර්ජනයට ලක් වීමට සිදු විය. මුලු රටම රාජපක්ෂ මිලිටරිකරණයේ යකඩ සපත්තුවෙන් පෑගී තිබිණි.  කිසිවකුට හුස්මක් කටක් අරින්න රාජපක්ෂලා ඉඩ තිබ්බෙ නැත. රුදුරු මර්දනය රාජපක්ෂලාගේ පාලන ක්‍රමවේදය විය. නීතිය බල්ලටම ගියේය. අධිකරණය  රූකඩ මඩුවක් විය.  තමන්ගේ අයිතීන් වෙනුවෙන් කිසිවකුට කතා කරන්න ඉඩක් ලැබුනේ නැත. ජනමාධ්‍යය මුලුමනින්ම බියට පත්කර පාලන කෙරිණි. රාජපක්ෂ ප්‍රශස්ති වන්දනා හැර රාජ්‍ය මාධ්‍යට වෙන කරන්න වැඩක් තිබුණේ නැත. බොරුවෙන් වංචාවෙන් තක්කඩිකමෙන් ගෙන ගිය රාජපක්ෂ මජර පාලනය අවසානයේ රටම හූරගෙන කෑවේය. රාජපක්ෂ පවුලේ මඩිය තර වීම පමණක් සිදුවිය.

2015 ජනවාරි 08 වනදා මේ රටේ පුරවැසියන් ඓතිහාසික තීන්දුවක් ගෙන රාජපක්ෂ ඒකාධිපති පාලනය පන්නා දැමීමට තීරණය කළේය. ඒ වගේම රාජපක්ෂලා තව දුරටත් බලය රැකගෙන සිටි පාර්ලිමේන්තුව ද ඔවුන්ගෙන් නිදහස් කර ගැනීමට 2015 අගොස්තු 17 වන දා රටේ බහුතර ජනතාව තීන්දු කළේය.

රට මුලසිට ගොඩනැගීමට සිදුව තිබිණි.  එකිනෙකා කා කොටා ගනිමින් අනෙකා විනාශ කරමින් තමන්ගේ ගොඩ බේරාගන්නා කාලකන්නි දේශපාලනය අවසන් කෙරිනි.  රට ගොඩ නැගීමට අවංකව කල්පනා කළ දේශපාලන නායකත්වය ඒ වෙනුවෙන් යහපාලන සම්මුතික ආණ්ඩුව බිහි කළේය.

වෙනස සැපද.? ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ..? යැයි ප්‍රශ්න කළ  වුන්ට මේ වසර තුන තුළදී සිදුකළ වෙනසත්, කළේ මොනවාද ගැනත් පිළිතුරු දැන් ලැබී තිබේ.

එකිනෙකා ගහ මරාගත් ශ්‍රී ලාංකිකයා දැන් එකා මෙන් සාමය සංහින්දියාව ගරු කරමින් නැගී සිටිමින් තිබේ. වංචාව දූෂණය වෙනුවෙන් සිදු කළ බොරු සංදර්ශන සංවර්ධනය වෙනුවට සැබෑ සංවර්ධනය සිදු වෙමින් තිබේ. මෙරට ඉතිහාසයේ දැවන්තම හා  වේගවත්ම  සංවර්ධන යුගය ආරම්භ වී තිබේ. රට හිරකර තිබූ ණය උගුලෙන් ගැලවෙමින් තිබේ. රටේ සියලු ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර තිබේ.

වැදගත්ම දේ හැම මිනිහටම නිදහසේ හුස්ම ගැනීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීමය. ලක්ෂ්මන් කදිරගාමර්ලා බලාපොරොත්තු වූ යහපාලනය අද බිහිවෙමින් තිබීම ගැන දැන් සැකයක් නැත. ඔහු වෙනුවෙන් කළ හැකිව තිබෙන්නේ ද මේ යහපාලනය ‍රැකගනීමය.

– දැක්ම

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 19:43
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්