Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික තරුණ දින ප්‍රධාන සැමරුම් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 19:32

ජාතික තරුණ දින ප්‍රධාන සැමරුම් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

ජාතික තරුණ දින ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ නෙළුම් පොකුණ රගහලේදීයි.

තාක්ෂණයේ නව යුගයක් යන තේමාවෙන් තරුණ, තරුණියන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් ද මෙහිදී පැවැත්වුණා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය නැරඹීමට එක්වුණා. ජාතික තරුණසේවා සභාවේ පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන්ගේ හැකියාවන් විදහා දැක්වෙන විශේෂ ප්‍රදර්ශන කුටි ද නෙළුම් පොකුණ පරිශ්‍රයේ ඉදිකර තිබුණා. තරුණසේවා සභාව ක්‍රියාත්මක කරන ගමට කෝටියක් වැඩසටහන යටතේ මුදල් ප්‍රදානය ද මෙහිදී සිදු කෙරුණා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා තරුණ පිරිස් පෙරට ආ යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන්කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 19:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්