චීනයේ දකුණු ප්‍රදේශයට අයහපත් කාළගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. වැසි කුනාටුවක බලපෑම් එල්ල වීම හේතුවෙන් මෙසේ චීනයේ ග්වන්ඩොන්ග් ප්‍රාන්තයට සහා යුනාන් ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ගංගාවල ජල මට්ටම හදිසියේ ඉතා ප්‍රභල අයුරින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් මාර්ගවල තිබූ රථවාහන රැසකට අලාභ හානි සිදුව තිබෙනවා යුනාන් හා ග්වන්ඩොන්ග් ප්‍රාන්තවල. අභ්‍යන්තර ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇති බව සදහන්. ඒ හේතුවෙන් මගීන් දහස දහසකට ගුවන්තොටුපොළවල රැදී සිටීමට සිදුව තිබෙනවා.