වැට් බද්ද අඩු කර ජනතාවට සහන සැළසීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වැව් දහසක්, ගම් දහසක් ප්‍රතිසංවර්ධන දැවැන්ත වැඩපිළිවෙලේ තවත් අදියරක් තංගල්ල ප්‍රදේශයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
කෘෂිකර්මාන්තයේ අංශ රැසක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් වැව් දහසක්,ගම් දහසක් වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘතිය මෙයයි. ඒ යටතේ තංගල්ල, මහවෙල ඉහළගොඩ ඇත්වැව සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. එම වැව් ආශ්රිත ගම්මානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමද මේ යටතේ සිදුවනවා.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=SW4QCazfHhQ&feature=youtu.be”]
ගම්වාසීන් සඳහා පැළ බෙදාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ද ක්‍රියාත්මක කෙරුණේ මීට සමගාමීවයි. ග්‍රාමීය ජනතාව වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබද ඔවුන් රජයට සිය ප්‍රසාදය පළ කරනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=MSEU1uN8wrI&feature=youtu.be”]
මේ අතර අඟුනුකොලපැලැස්ස , කයිලවැල්පෝටාව වැව් සහ ඒ ආශ්රිත ගම්මානයේ සංවර්ධන කටයුතු අද ආරම්භ කිරීමට නියමිතයි. එය වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතියේ 300වන අදියරයි. ඒ සදහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 10ක්.