මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද සිදු කෙරුණා.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය සහ ආගමික වතාවත් අද පෙරවරු හයයි දෙකට යෙදුණු සුභ මොහොතින් සිදු කෙරුණා. නාථ,පත්තිනි, විෂ්ණු, සහ කතරගම යන සිව් මහා දේවාලවලදී එම කටයුතු සිදු කෙරුණේ සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන් සහ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. ලබන පහළොස්වනදා දක්වා සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙන අතර ලබන දහසය වන දින කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි. ප්‍රථම රන්දෝළි පෙරහැර ලබන විසි එක්වනදා වීථි සංචාරය කෙරෙනවා. අවසන් මහා රන්දෝළි පෙරහැර ලබන විසි පස් වන දා සහ දහවල් පෙරහැර ලබන විස හය වනදා පැවැත්වීමට නියමිතයි.
නවගමුව ශ්‍රී සත් පත්තිනි පුරාණ මහා දේවාලයේ කප් සිටුවීමේ මංගල්‍යය ඊයේ පැවැත්වුණා. මගුල් බෙර නාද මධ්‍යයේ පත්තිනි මෑණියන් උදෙසා පූජෝපහාර පැවැත්වීමෙන් අනතුරුවයි සුභ මොහොතින් කප් සිටුවීම සිදු කෙරුණේ. ලබන තිස් එක් වන දින මහා පෙරහැර පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර් පළමුවනදා දිය කැපීමේ මංගල්‍යය පැවැත්වීමට නියමිතයි.