fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වකුගඩු රෝග නිවාරණය සදහා සාර්ථක වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 19:32

වකුගඩු රෝග නිවාරණය සදහා සාර්ථක වැඩපිළිවෙළක්

වකුගඩු රෝග නිවාරණය සදහා රජය මේ වන විට සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. එය බෙහෙවින්ම  අගය කරන බවයි පදවිය ශ්‍රී පුර ජනතාව පවසන්නේ.

පදවිය ශ්‍රීපුර ප්‍රදේශය වකුගඩු රෝගීන් බහුලව හමුවන ප්‍රදේශයක්. මේ වන විට එම ප්‍රදේශයේ වකුගඩු රෝගීන් අටසීයක් පමණ හදුනාගෙන තිබෙනවා. මූලික අවස්ථාවේ දී රෝගය හදුනාගැනීමට නොහැකි වීමෙන් රෝගීන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වීම කණගාටුවට කරුණක්. ශ්‍රීපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ වකුගඩු රෝග නිවාරණ ඒකකය එක්ව ප්‍රදේශයේ ජනතාව සදහා මූලික වෛද්‍ය පරික්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ වකුගඩු රෝගය සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි දැනුමක් ලබා දීමේ අරමුණෙන්. සිවිල් ආරක්ෂක බලකාය ද මේ සදහා සහයෝගය ලබා දුන්නා.

වකුගඩු රෝග නිවාරණය සදහා රජය මැදිහත් වීමෙන් මේ වන විටත් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මකයි. එහෙත් එම වැඩපිළිවෙළ මුවාවෙන් ඇතැම් නිලධාරීන් සිදුකරන කටයුතු හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්වූ අවස්ථාද පවතිනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 19:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්