දුම්රිය වර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාවක් (Video)
Related Articles
දුම්රිය සේවක වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් අද දිනයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවුවද ලංගම සහ පෞද්ගලික බස් රථ මගින් ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසා තිබුණා. මේ අතර වර්ජනයේ නිරත වෘත්තීය සමිති සංගම් අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් ඉල්ලා සිටියේ ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සදහා අවස්ථාවක් ලබා දෙන ලෙසයි.
කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දුම්රිය වැඩවර්ජනය ආරම්භ වුණේ පසුගිය බදාදා පස්වරුවේ සිටයි. ඒ හේතුවෙන් සිය දෛනික කටයුතු සදහා දුම්රිය ප්‍රවාහන සේවාව යොදාගන්නා මගීන් දැඩි අපහසුතාවට ලක්ව සිටිනවා. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මේ හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවුණා. අද දිනයේද සිය ගමනාන්තකරා යාමට නොහැකිව දිවයිනේ විවිධ දුම්රිය ස්ථානවල මගීන් අපහසුතාවට ලක්ව සිටි බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ අතර විදේශ සංචාරකයින්ද වුණා. වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට ජනතාවගෙන් එල්ලවන්නේ දැඩි විරෝධයක්.
දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කාලය තුළ මගීන් සදහා අමතර බස් රථ සේවා යොදවා ඔවුන්ගේ ගමනාගමන පහසුව සැලසීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සදහන් කළා.
රමාල් සිරිවර්ධන – සභාපති – ලංකා ගමනාගමන මණ්ඩලය,
මේ අතර වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සංගම් කිහිපයක් අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට එහිදී ඔවුන් පිළිතුරු දුන්නේ මේ අයුරින්.
දුම්රිය වෘත්තීය සමිති සාමාජිකයින්,
දුම්රිය රියදුරු සහායක සංගමය ද අද මාධ්‍ය හමුවක් කැදවා තිබු අතර ඔවුන් පැවසුවේ දුම්රිය ධාවනයට තම සංගමය සූදානම් බවයි.
දුම්රිය රියදුරු සහයක සංගමය,
මේ අතර වර්ජිත සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැර සාකච්ඡා සදහා පැමිණෙන්නේ නම් රජය ඒ සදහා සූදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියා සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ,
දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් ස්ථාන කිහිපයක දී මැති ඇමතිවරුන් මෙසේ අදහස් පළකලා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment