ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් හෙට
Related Articles
ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා. ඒ නෙලුම්පොකුණ රඟහලේදී. තරුණ ප්‍රජාවට සුරක්ෂිත වටපිටාවක් සහ පරිසරයක් නිර්මාණය කළ යුතුයි යන්න එහි තේමාව. වැඩසටහන් කිහිපයක් පැවැත්වෙන බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා ප්‍රකාශ කළේ. සැමරුම් උත්සවය අවසානයේ සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමටයි නියමිත. ආහාර ප්‍රදර්ශනයක් ද පැවැත්වෙන බවයි සභාපතිවරයා සදහන් කළේ.