Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ගුවන් තොටුපලක දි ගුවන් යානයක් අවසරයකින් තොරව ගුවන් ගත කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 12:57

ඇමරිකා ගුවන් තොටුපලක දි ගුවන් යානයක් අවසරයකින් තොරව ගුවන් ගත කෙරේ

ගුවන් යානයක් පැහැරගෙන යාමට තැත් කිරීමේදී එය කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා.

ඇමරිකාවේ වොෂින්ටන්හි සියැටල් ටකෝමා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසළ ප්‍රදේශයකටයි ගුවන් යානය කඩා වැටී ඇත්තේ. ගුවන්තොටුපොළ සේවකයෙකු ගුවන් යානය පැහැරගෙන යාමේදී අනතුර සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී ගුවන් යානය තුළ කිසිදු මගියෙකු නොසිටි බව සදහන්. මෙම පුද්ගලයා අනවසර ගුවන් ගත කිරීමක් සිදු කිරීමට තැත් කර ඇති බවත් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවත් බලධාරීන් පවසනවා. සිදු වීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 12:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්