සුළගේ වේගය ඉහළ යා හැකි බවට කාලගුණ අනාවැකි
Related Articles
හෙට දින සිට දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ, වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.වයඹ පළාතේත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇතිවේ.සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැකි අතර මධ්‍යම, සබරගමුව,බස්නාහිර, දකුණු,වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකියි.
ඉදිරි දින වලදී (අද රාත්‍රියේ සිට) දිවයින අවට මුහුදු ප්‍රදේශ වල, විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය යම් ප්‍රමාණයකින් වැඩිවීමේ හැකියාවක් පවතී.පුත්තලම සිට කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලවැසි වාර කිහිපයක්ඇතිවේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.මිගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වාසහ හම්බන්තොටසිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක්රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.