Country | Buying | Selling | |
![]() | Dollar | 177.33 | 181.30 |
USA | |||
![]() | Pound | 222.73 | 230.08 |
UK | |||
![]() | Euro | 200.33 | 207.48 |
EU | |||
![]() | Yen | 1.55 | 1.61 |
Japan | |||
![]() | Yuan | 25.48 | 26.71 |
China | |||
![]() | Dollar | 126.86 | 132.29 |
Australia |
එළවළු මිල පහළට
Related Articles
ගත වූ මාස කිහිපය තුළ ඉහළ ගොස් තිබූ එළවළු මිල මේ වන විට පහළ යමින් පවතින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා. එම ආයතය අනාවැකි පළ කරන්නේ ඉදිරි සති කිහිපය තුළ අර්තාපල් සහ ලොකු ළූනු මිලද පහළ යනු ඇති බවයි.
ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සියල්ලේම බෝංචි, කැරට්, අමු මිරිස් සහ මාළු මිරිස් හැර අනෙකුත් සියළුම එළවළු තොග මිල රුපියල් පනහත්, හැටත් අතර මිලකට පහළ ගොස් තිබෙනවා. මිල ගණන් පහළ යාමට හේතුව යල කන්නයේ අස්වනු මේ වන විට වෙළදපොළට ලැබෙමින් පැවතීමයි. මේ අතර තව සති දෙකකින් අර්තාපල් හා ලොකු ළූනු මිල දැනට වෙළදපොළ තුළ පවතින මිලට වඩා පහළ යනු ඇති බවද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පවසනවා.
ඩබ්ලිව් එච් දුමින්ද ප්‍රියදර්ශන- ජේෂ්ඨ පර්යේෂණ නිලධාරී හේක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය,
මේ දිනවල වෙළදපොළ තුළ බිත්තර හා කුකුළු මස්වල කෘතිම ලෙස ඉහල නැංවීමක් සිදු කර ඇති බව කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දුන්නා. මේ පිළිබදව පසුගිය සතියේ පැවති ජීවන වියදම් කමිටුවේ අවදානය යොමු වූ අතර ඊට පාලන මිලක් යෙදවීම කෙරෙහිද අවදානය යොමු කළා.
ඩබ්ලිව් එච් දුමින්ද ප්‍රියදර්ශන- ජේෂ්ඨ පර්යේෂණ නිලධාරී හේක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය,
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment