කැනඩාවේ ෆෙඩ්රිකාටන් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු හතරදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ෆෙඩ්රිකාටන් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් තුළ වෙඩි තැබීමක් සිදු වීම හේතුවෙනුයි පොලිස් නිලධාරීන් දෙදෙනා එම සථානයට ගොස් තිබෙන්නේ. එහිදි එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුවාල ලබා සිටීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඔහු මේ වන විට ප්‍රථිකාර ලබමින් පසු වන බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.