fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙල්ලන්විල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 10:01

බෙල්ලන්විල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

2018 බෙල්ලන්විල ඇසළ පෙරහැර අවසන් රන්දෝලි පෙරහැර අද (11) රාත්‍රී 8.00ට විථී සංචාරයක කිරීම නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පෙරහැර නැගෙනහිර වාහල්කඩින් පිටත්වී විහාර මාවත, දෙහිවල – මහගරම ප්‍රධාන මාර්ගයේ බෙල්ලන්තර හන්දිය කරා ගමන් කර අනතුරුව රත්මලාන – නුගේගොඩ මාර්ගයේ බෙල්ලන්තොට හන්දිය පසුකර පැපිලියාන දෙසට ගමන් කළ විට හමුවන විහාර මාවත ඔස්සේ නැවත නැගෙනහිර වාහල්කඩින් විහාරස්ථානය වෙත ගෙවදීමට නියමිතය.

පෙරහැර ගමන්ගන්නා කාලය තුළ බොරලැස්ගමුව හන්දිය, බෙල්ලන්තර හන්දිය, ඇන්ඩසන් පාර අසල, පැපිලියාන හන්දිය යන් ස්ථානවලින් මාර්ගය වසා තැබිමට කටයුතු කරන අතර විකල්ප මාර්ගයන් ලෙස මහරගම පිළියන්දල දෙස සිට දෙහිවල දෙසට ගමන්ගන්නා වාහන කොහුවල මංසන්දිය දෙසට ගොස් වමට හැරී මහරගම බොරලැස්ගමුව දෙසට පැමිණෙන වාහන දෙහිවලින් ගාලුපාර ඔස්සේ විලියම් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය අසලින් කොහුවල දෙසට පැමිණ දකුණට හැරී බොරලැස්ගමුව හා මහරගම දෙසට ගමන් කළ යුතු වේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්