fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විල්ගමුවේ අනතුරකින් 26 දෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 10:26

විල්ගමුවේ අනතුරකින් 26 දෙනෙකුට තුවාල

විල්ගමුව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයින් විසි හය දෙනෙකු තුවාල ලැබුවා.

විල්ගමුව හසලක මාර්ගයේ කාපට් හන්දිය ප්‍රදේශයේදීයි අනතුර සිදුව ඇත්තේ. නුගගොල්ල දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ටේලරය එකවර ගැලවී යාමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වනවා. ඉන් ටේලරයේ ගමන් කළ විසි හය දෙනෙකු තුවාල ලබා හෙට්ටිපොළ රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අතරින් දහ තුන් දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සදහා මහියංගනය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. මේ අතර කටුපොත  ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් දහ නව හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔහු ගමන් ගත් යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කනුවක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 10:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo