ලක්ෂ 65ක් වටිනා රන් කැබලි සමඟ දෙදෙනෙකු රේගු දැලේ
Related Articles
රුපියල් ලක්ෂ 65ක් වටිනා රන් කැබලි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සමත් වුණා.යූ එල් 309 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගියෙකු රැගෙන ආ රන් කැබලි පහක් රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.
අනෙක් ගුවන් මගියා චෙන්නායි සිට පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු සතුව තිබූ රන් කැබලි පහක්ද රේගු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් ඉතා සූක්ෂම ලෙස සිය ඇදුම් තුළ සගවාගෙනයි රන් කැබලි දිවයිනට රැගෙනවිත් තිබෙන්නේ. ඒවායේ බර කිලෝග්‍රෑම් එකක් පමණ බව නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment