fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෙලි නාට්‍ය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙළක් 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 19:18

ටෙලි නාට්‍ය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙළක් 

ටෙලි නාට්‍ය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඒ සදහා විශේෂ ආයතනයක් පිහිටුවා මෙම වසර තුළදීම අදාළ කාර්ය ආරම්භ කරන බව ද ITN මාධ්‍ය ජාලයේ පැවති උත්සවයකට එක්වෙමින්  නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

වික්‍රමසිංහපුර ITN පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ITN සිහිවටන මැඳුර සහ අමුත්තන්ගේ පියස ඉදිකිරිමේ ආරම්භය සනිටුහන් කිරීම සිදුකළා. මෙරට රූපවාහිනී ඉතිහාසයේ පළමු නාලිකාව වන ITN හි සිහිවටන පිළිබඳ සියලු තොරතුරු මෙම පියස හරහා ලබා ගැනීමේ අවස්ථාව ඉදිරියේදී උදාවනවා.

ITN තුළින් විකාශය කෙරුණු ටෙලි නාට්‍ය වෙනුවෙන් ඒවායෙහි ශිල්පීන් සදහා ගෙවීම් සිදු කිරීම ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා. රුපියල් ලක්ෂ තුන්සිය හතලිහක් මෙසේ ශිල්පීන් සදහා ගෙවීම අපේක්ෂාවයි. එහි පළමු අදියරයි අද ක්‍රියාත්මක කෙරුණේ. වැඩපිළිවෙළ ආරම්භ කෙරුණේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් අනුවයි. ශිල්පීන් රැසක්ම ඔවුන්ට හිමි ගෙවීම් ලබා ගත්තා.

ITN ප්‍රධාන විධායක නිලධාරී – චන්දන තිලකරත්න සහ ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න

උත්සව සභාව ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ටෙලි නාට්‍ය නියාමන වැඩපිළිවෙළ මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ කලාකරුවන්ගේ අදහස්වලට අනුව බවයි කියා සිටියේ.

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 19:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්