fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සපුගොඩ කදු රක්ෂිතයේ අක්කර 25ක අළු වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 17:44

සපුගොඩ කදු රක්ෂිතයේ අක්කර 25ක අළු වෙයි

වැල්ලවාය, සපුගොඩ කදු රක්ෂිතයේ අද දහවල් කාලයේ යළි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිසා රක්ෂිතයේ අක්කර 25කට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තාවෙන්නේ. බුත්තල යුද හමුදා කඳවුරේ යුද හමුදා භට කණ්ඩායමක් පැමිණ පස්වරුව වන විට ගින්න මැඬපවත්වා තිබෙනවා. පවතින වියළි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් ව්‍යාප්ත වූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මෙය කිසියම් පුද්ගලයකු ගිනි තබා ඇතැයි සැක කෙරෙනවා.

මෙම රක්ෂිතයේ පසුගිය 8 දා ගින්නක් හටගත් අතර එම ගින්න කතරගම නව වන සිංහ රෙජීමේන්තුවේ භට පිරිසක් විසින් නිවා දැමීමට කටයුතු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 17:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්