ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ශේරු ක්ලැසික් කායවර්ධන තරගාවලියේ දී රන් පදක්කමක් හිමිකරගත් අමිල මුණසිංහ මහතා ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවුණා
ලොව ප්‍රධාන පෙලේ IFBB කායවර්ධන ශූරතා තරගාවලියක් වූ ශේරු ක්ලැසික් 2018 තරගාවලිය පසුගිය ජූලි 20 වනදා සිට 22 වන දා දක්වා නවදිල්ලි නුවරදී පැවැත්වුණා.
රටවල් 162 ක තරඟකරුවන් අභිබවමින් 85 Kg බර පන්තියේ ලෝක ශූරතාව දිනාගැනීමට අමිල මුණසිංහ මහතා එහිදී සමත් වී තිබෙනවා.
අමිල මුණසිංහ මහතාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා මාතෘ භූමියේ කීර්තිනාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට කටයුතු කිරීම පිළිබඳව තම ස්තූතිය පිරිනැමුවා. එමෙන්ම ඔහුගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් ද සිය සුබපැතුම් එක්කළා. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඔහු ඊයේ දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/Amila02.png”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/Amila01.png”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/37842921_190530638475166_4264032287244419072_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/37784895_190531565141740_5657118944180305920_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/37769259_190531015141795_8515629256892481536_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/37733362_190531661808397_4459207244830998528_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/Amila-04.png”]