fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තාවන් සවිබල ගැන්වීමේ ”ධනාභිමානී” වැඩසටහන ඇරඹේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 17:27

කාන්තාවන් සවිබල ගැන්වීමේ ”ධනාභිමානී” වැඩසටහන ඇරඹේ

කාන්තාවන් සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් සවිබල ගැන්වීම සදහා ගම්මට්ටමින් වැඩසටහන් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කාන්තාව ආර්ථික ශක්තියෙන් සවිබල ගැන්වීමේ ධනාභිමානි වැඩසටහන ආරම්භ කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ධනාභිමානි වැඩසටහන සංවිධාන කරන්නේ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයයි. එහි ආරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. මෙරට ජාතික ආර්ථිකයට කාන්තාවන්ගෙන් සිදුවන දායකත්වය අති විශාලයි. එය වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීම ධනාභිමානි වැඩසටහනේ අරමුණයි. මේ යටතේ ග්‍රාමීය කාන්තා නායිකාවන් දැනුවත් කිරීම සිදු කෙරෙනවා.

ග්‍රාමීය කාන්තා නායිකාවන් දැනුවත් කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ ඔවුන් මාර්ගයෙන් ග්‍රාමීය කාන්තාව නිෂ්පාදන කාර්යයට දායක කර ගැනීමයි. ස්වයං රැකියා ආදී විවිධ ව්‍යවසායක වැඩසටහන් සදහා කාන්තාව යොමු කිරීම තුළින් පවුල් ආර්ථිකය ශක්තිමත් කිරීම වැඩසටහනේ අරමුණයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීමට හෝ දැනට පවත්වාගෙන යන ව්‍යාපාර දියුණු කර ගැනීමට ණය ආධාර ආදිය ලබාදීම ද මේ යටතේ සිදු කෙරෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

අමාත්‍ය දයා ගමගේ,

ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර,නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ යන මහත්මීන්ද මෙම අවස්ථාවට පැමිණ සිටියා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්