හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වුණා. ඒ මධ්‍යම කදුකරයට ඇදහැලෙන තද වැසි සමග මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන්. හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ මාර්ගයට ඉහලින් පස් කන්දක් කඩා වැටුණු බවයි පොලිසිය පවසන්නේ. ඒ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් වසාදමා තිබෙනවා. තවදුරටත් ඇදහැලෙන අධික වැසි හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කදු කඩා වැටීමේ අවදානමක් පවතින බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ. කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/4.jpg”]