Life+News The Official News Portal of Independent Television Network Ltd

රජිව් ගාන්ධිගේ ඝාතකයින්ට ඉන්දීය මධ්‍යම රජයෙන් සමාවක් නෑ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 15:32

රජිව් ගාන්ධිගේ ඝාතකයින්ට ඉන්දීය මධ්‍යම රජයෙන් සමාවක් නෑ

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ ඝාතකයින් නිදහස් කිරීමට අවසර ලබාදිය නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ ඝාතකයින් හත්දෙනා නිදහස් කරදෙන ලෙස තමිල්නාඩු රජය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. එහිදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටියේ ඉන්දීය මධ්‍යම රජයේ කැමැත්ත නොමැතිව ඝාතකයින් නිදහස් කිරීමට අධිකරණයට අවසර ලබාදිය නොහැකි බවයි. මෙම තීරණයට ප්‍රතිචාර දක්වමිනුයි ඉන්දීය මධ්‍යම රජය ඝාතකයින් නිදහස් කිරීමට අවසර ලබාදිය නොහැකි බවට ප්‍රකාශකර ඇත්තේ. රජිව් ගාන්ධි ඝාතකයින් හත්දෙනා දැනට වසර 27 ක් තිස්සේ සිරදඬුවම් විඳිමින් සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 15:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්