fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 14:25

ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් විසිහය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අධික වැසි හේතුවෙන් ජල මට්ටම වැඩිවීම පාලනය කිරීමට තුන්වන රතු නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ඉදුක්කි ජලාශයේ දොරටු විවර කර තිබෙනවා. ඒ වසර විසිහයකට පමණ පසුවයි.

මේ හේතුවෙන් පෙරියාර් ගංගාවේ ජල මට්ටම වැඩිවිය හැකි බවට එරට රජය අනතුරු අගවා තිබෙනවා. ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පාසල් ද වසා දමා තිබෙනවා. අවතැන්වූවන් ඉවත් කිරීම සහ සහන මෙහෙයුම් සදහා එරට ආරක්ෂක අංශ යෙදවීමටයි කටයුතු කර ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 14:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්