සබරගමුවේ නව වෛද්‍ය පීඨය දෙසැම්බරයේ සිසු අයිතියට
Related Articles
වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව ඉදිකළ සබරගමු විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.
නව වෛද්‍ය පීඨය ස්ථාපිත කර ඇත්තේ රත්නපුර බටුහේන ප්‍රදේශයේ පිහිටි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි සංකීර්ණයක් තුළයි. මේ සදහා සිසුන් හැත්තෑ පස් දෙනෙකු මුලින් බදවා ගැනීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සදහා අවශ්‍ය ඉසෙඩ් අගයද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. එසේම අවශ්‍ය ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩලය බදවාගැනීමට ද කටයුතුකර තිබෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම් සුනිල් ශාන්ත මහතා ඇතුළු පිරිසක් පසුගියදා මෙහි නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.
මහාචාර්ය එම් සුනිල් ශාන්ත – උපකුලපති – සබරගමුව විශ්වවිද්‍යාලය,
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment