fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹින් කතරගම ගිය බසය නෝනාගම වැවේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 11:35

කොළඹින් කතරගම ගිය බසය නෝනාගම වැවේ

අම්බලන්ගොඩ නෝනාගම වැවට බස් රථයක් පෙරලීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකුයි මෙසේ අනතුරට ලක්වුයේ. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කටුගස්තොට ඩිපෝවේ සේවය කරමින් සිටි කතරගම ප්‍රදේශයේ පදිංචි රියදුරෙක්. අනතුර වන අවස්ථාවේ ඔහු බස් රථයේ පාපුවරුවේ ගමන් කරමින් සිට තිබෙනවා. බස් රථයට යටවීමෙනුයි ඔහු මියගොස් ඇත්තේ. අනතුරෙන් තුවාල ලැබූ කිහිප දෙනෙකු අම්බලන්තොට රෝහලට ඇතුළත්කර තිබෙනවා. නෝනාගම වැවට වැටුනු බස් රථයක දොඹකරයක ආධාරයෙන් ගොඩගැනීම අද පෙරවරුවේ සිදුකෙරුණා.

මේ අතර දඹුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී මෝටර් රථයක් වෑන් රථයක ගැටී අනතුරක් සිදුවුණා. එහිදී වෑන් රථය ගිනිගෙන තිබෙනවා. එහි සිටි පියෙකු සහ පුතෙකු බේරාගෙන රෝහල් ගත කෙරුණා. දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්වයි ඔවුන් දෙදෙනා බේරා ගැනීමට කටයුතුකර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්