රිතික් යළි විවාහ වෙයි???
Related Articles
රිතික් රෝෂන්..බොලිවුඩ් සිනමාවේ ඉදිරිපෙළේ සිටින සිනමා රංගන ශිල්පීයෙක්. රිතික් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් වාර්තා වුණා.
රිතික් ඔහුගේ බිරිඳගෙන් ඒ කියන්නේ සුසෑන් ඛාන්ගෙන් දික්කසාද වුණ පුවත සහ ඉන් පස්සේ මේ දෙන්නා දුරුවන් සමඟ හමු වූ ලුවත් වගේම රිතික් ගේ පෙම් සබඳතා ගැනත් බොලිවුඩය පුරා පැතිරී තිබුණා.
හැබැයි දැන් නම් රිතික් ට ආපහු සැරයක් විවාහ වෙන්න ඕනෙ කියලා හිතිලා තියෙනවා. ඒ තීරණයට රිතික් ගේ මව්පියන්ගෙනුත් ආශිර්වාදය ලැබිලා කියලා තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉතින් රිතික් ගේ විවාහය සිද්ධ වෙන්න යන්නේ කාත් එක්කද කියලා ඔබ හිතනවා ඇති.
ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඔහුගේ දික්කසාද බිරිඳ සුසෑන් ඛාන්.