fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවෙන් නොමිලේ ඉංග‍්‍රීසි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 18:05

ඇමරිකාවෙන් නොමිලේ ඉංග‍්‍රීසි

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉංග්‍රීසි භාෂාව දියුණු කිරීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබුණා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඇමෙරිකාවේ ස්වෙච්ඡා සාම ප්‍රජා සංවිධානයක් වන පීස් කෝප්ස් පදනම අතරයි මෙම ගිවිසුමට එළඹුනේ.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ පීස් කෝප්ස් ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා ක්‍රිස් බෙල් මහත්මිය ගිවිසුමට අත්සන් තැබුවා. මෙම ගිවිසුමට අනුව ඇමෙරිකානු ස්වෙච්ඡා ගුරුවරුන් මෙරටට පැමිණ නොමිලේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබා දීමට නියමිතයි.  ඇමෙරිකා හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා මෙම පීස් කෝප්ස් සංවිධානය ආරම්භ කළේ සාමය හා මිත්‍රත්වය ලොව පුරා වර්ධනය කිරීමේ අරමුණ ඇතිවයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 18:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්