fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 16:51

ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ තවත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රිච්ටර් පරිමාණ 6.2ක් ලෙසයි සටහන් වුණේ. භූ කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කර ඇති බව සඳහන්. පසුගියදා සිදු වූ භූකම්පනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින අතරතුරයි මෙම භූකම්පනය ඇතිව තිබෙන්නේ. එහි බලපෑම අසල්වැසි බාලි දිවයිනට ද දැනී ඇති බව වාර්තා වනවා.  ලොම්බොක් දූපතේ පසුගිය ඉරිදා සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 347 ක්.

කෙසේ වෙතත් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ආපදා කළමනාකරණ අංශය සඳහන් කරනවා. එක්ලක්ෂ පනස් හය දහසකට අධික පිරිසක් අවතැන්ව සිටිනවා. තවත් එක්දහස් හාරසියයක් පමණ තුවාල ලබා ඇති බව ද සදහන්. අවතැන්වූවන්ට අවශ්‍ය ආහාරපාන, සෞඛ්‍ය කටයුතු ආදිය කඩිනමින් සැපයෙන අතර  ජාත්‍යන්තර සහාය ද ඊට ලැබී තිබෙනවා. ලොම්බොක් දූපතේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල නිවාස සහ ගොඩනැගිලි සියයට අසූවක් පමණ විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් ස්ථානවලට ළගාවීමටද අපහසු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 16:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්