ගබ්සාව නීතිගත කිරීම සදහා ගෙන ආ පනත් කෙටුම්පත ආජන්ටිනාවේ සෙනෙට් සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. දීර්ඝ විවාදයකින් පසුවයි පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කෙරුණේ. පනතට පක්ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 38 ක් හිමිවුණා. දූෂණයට ලක්වූ කාන්තාවකට හෝ මවගේ ජීවිතය අනතුරේ පවතින අවස්ථාවකදී ගබ්සාව සදහා ආජන්ටිනාවේ නීතියෙන් දැනට අවසර පවතිනවා. පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප වීමෙන් පසු ඒ වෙනුවෙන් පෙනී සිටි ජනතාව උද්ඝෝෂණවල නිරතවූ බව විදෙස් මාධ්‍ය සදහන් කළා. ගර්භනී භාවයෙන් පළමු සති 14තුළ ගබ්සාව සිදු කිරීම සදහා මෙම පනතින් අවසර ඉල්ලා තිබුණා.