fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වී මෙට්‍රික් ටොන් 978ක් මිලදී ගැනේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 19:07

වී මෙට්‍රික් ටොන් 978ක් මිලදී ගැනේ

පසුගිය දින දින දෙක තුළ පමණක් වී මෙට්‍රික් ටොන් නවසිය හැත්තෑ අටක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. යල කන්නයේ වී අසුවනු මිලදී ගැනීම සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන හාරදහස් නවසියයක්. සම්බා වී කිලෝග්‍රෑමයක් මිලදී ගනු ලබන්නේ රුපියල් හතළිස් එකකටයි. නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් තිස්අටකට මිලදී ගනු ලබනවා.

රජයේ සහතික මිලට වඩා රුපියල් දහයක් වැඩියෙන් පුද්ගලික අංශයද වී මිලදී ගන්නා බැවින් ගොවීන්ට තම අස්වනු සදහා මෙවර ඉහළ මිලක් ලබා ගැනීමේ අවස්ථාව උදා වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙවර යල කන්නයේ අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන එකයි දශම හතරක් පමණ වනවා. ඉන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගැනීමට නියමිතයි. අස්වනු මිලදී ගැනීම සදහා වී ගබඩා සියල්ල විවෘතව තබා ඇති බවද වී අලෙවි මණ්ඩලය සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 19:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්