විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට නොපැමිණීම හේතුවෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු සුළු වේලාවකට සීමා වුණා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබුණා. මේ අතර යුද සමයේ ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයින්ට යළි දිවයිනට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/eDwGJciXfz0″]
මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලින් විපතට පත් පිරිසට ගෙවීමට ඇති ඉතිරි වන්දි මුදල ද කඩිනමින් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලුකුමාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/uAZoUsMN6K0″]
පසුගියදා සංශෝධනය කළ වාහන බදු ක්‍රියාමාර්ගය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් අද ප්‍රශ්න කළා.
පා.ම. බන්දුල ගුණවර්ධන,
[ot-video type=”youtube” url=”https://youtu.be/OMvllzpepe8″]
මේ අතර බද්ද නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත් කෙටුම්පතේ නියෝග තුනක් පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව අද සම්මත කෙරුණා. එම යෝජනාව ඉදිරිපත් කළේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතායි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://youtu.be/eCuTgaFjqYI”]