නියං සහිත කාලගුණය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවට මෙතෙක් බලපෑ වැඩිම නියං සහිත කාලගුණය මෙය බවයි වාර්තා වන්නේ. වැඩිම ජනගහනයක් සහිත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් දැඩි බලපෑමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කෘෂිකර්මාන්තයටද විශාල බලපෑමක් සිදුව ඇති බවයි බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් ප්‍රාන්ත ආණ්ඩුව විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 576 ක මුදලක් වෙන්කර තිබෙනවා.