දුම්රිය සේවකයින් පිරිසක් හදිසියේ ආරම්භ කළ වර්ජනයක් හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා. දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින මගීන් වෙනුවෙන් සහන සැලසීමක් ලෙස ඔවුන්ගේ වාර ප්රවේශ පත්ර හා දුම්රිය ප්රවේශ පත්ර යොදා ගනිමින් බස් රථවල ගමන් කිරීමේ අවස්ථාව ද සලසා දී තිබෙනවා.
දුම්රිය සේවකයින් පිරිසකගේ මෙම වෘත්තීය ක්රියාමාර්ගයට විරෝධය පළ කරමින් දුම්රිය මගීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වනවා. මේ හේතුවෙන් පිටකොටුව අවට ප්රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද පවතිනවා.