fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 12:30

රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිනමා ,ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස ඉන්ද්‍රජිත් නාවින් මහතා කලා ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටුකළා. මිහිදුම් සලු, දොළොස්මහේ පහන, කෙලිමඩල, රන්මලීගේ වාසනාව, යක්ෂාවේෂය, එළිවෙන දවස, සුදු කළුවර ඇතුළු සිනමා නිර්මාණ රැසකට ඔහු දායකත්වය ලබාදුන්නා. අවිදු අඳුර, උපාසක අම්මා, බැද්දෙගෙදර, අඹුදරුවෝ, වන වදුලේ වසන්තය, මඩොල්දූව , ධවල රාත්‍රිය ඉන්ද්‍රජිත් නාවින්න දායකත්වය දැක්වූ ටෙලිනාට්‍ය අතර වනවා.

අභාවප්‍රාප්ත වනවිට 70 වන වියේ පසුවු ඉන්ද්‍රජිත් නාවින්න මහතා දරුවන් තුන්දෙනෙකුගේ පියෙක්. අභාවප්‍රාප්ත ඉන්ද්‍රජිත් නාවින්න මහතාගේ දේහය නිකවැරටිය ජයන්ති මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා (10) නිකවැරටිය බලගොල්ලාගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්