ජන පවුර වැඩසටහන කඩිනමින් ආරම්භ කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්රකාශ කළා. ළමුන්ට එල්ල වන හිංසන වැළැක්වීමයි අරමුණ. සෑම ග්රාම නිලධාරි කොට්ඨසයකින්ම නියෝජිතයන් පස් දෙනෙකු තෝරා ගැනිමට පියවර ගෙන තිබෙනවා. නිලධාරින් දැනුවත් කිරිමේ මූලික සාකච්ඡාවක් ලබන සිකුරාදා (10) පැවැත්වෙන බවයි ළමා ආරක්ෂක අධීකාරිය සඳහන් කළේ. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් අත් පොතක් සකස් කිරිමත් වැඩපිළිවෙලට අයත්. එමඟින් දැනුවත් කිරිමේ ක්රියාමාර්ග විධිමත් කිරිමයි අපේක්ෂාව.

ළමා හිංසන වැළැක්වීමට ජන පවුර ලඟදීම
කියවීමට මිනිත්තු 0