fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුරාධපුරයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන හත්සිය අසූවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 19:34

අනුරාධපුරයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන හත්සිය අසූවක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සදහා රජය රුපියල් මිලියන හත්සිය අසූවක් වෙන් කර තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් විසිදහසක් මිලදී ගැනීමට නියමිත බව වී අලෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී අස්වනු මිලදී ගැනීම ආරම්භවී තිබෙනවා. වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුව නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 38 කටත් සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 41 කටත් මිලදී ගැනීමට නියමිතයි. වී අස්වනු ලැබීමත් සමග ඒවා මිලදී ගැනීමට රජය අවශ්‍ය කටයුතු සූදානම් කිරීම පිළිබඳ ගොවිජනතාව ස්තූතිය පළකරනවා.

මේ අතර මෙවර යළ කන්නයේ  උතුරු පළාතෙන් සාර්ථක වී අස්වැන්නක් ලැබී තිබෙනවා. වව්නියාව , මන්නාරම සහ කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල අක්කර පන්දහසකට අධික ප්‍රමාණයක වී වගා කර තිබෙනවා. අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන්  එකොළොස් දහසකට අධිකයි. මේ වන විට වී අස්වනු නෙලීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. උතුරේ වී වගා නොකළ බිම් වල එළවලු ආදී අතුරු බෝග වගා කර ඇති අයුරුද දැක ගත හැකියි.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 19:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්