fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාර් මිල අඩු කරලා මාර්ග තදබදය අඩු කරන්න බැහැ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 18:35

කාර් මිල අඩු කරලා මාර්ග තදබදය අඩු කරන්න බැහැ

කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුම වන්නේ මධ්‍යම පාන්තික ජනතාවට ගැලපෙන ආකාරයේ පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීම බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. සහසක් තුරු වැඩසටහන පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අමාත්‍ය පාඨලී චම්පික රණවක,

සහසක් තුරු ජාතික පුර සෙවණ වැඩසටහනේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙරට නාගරික ප්‍රදේශ තුළ දැනට පවතින තුරු ආවරණය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංවීමෙන් වායු දූෂණය හා පරිසර උෂ්ණත්වය වැඩිවීම වැනි ගැටලු අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එමගින් සුවදායී තිරසර නගර ඇති කිරීමට අපේක්‍ෂා කරනවා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර සහ භූ දර්ශන අංශය මෙම දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එහි සමාරම්භක වැඩසටහන හෙට (08) පැවැත්වෙන්නේ මහනුවර ගන්නෝරුව ගඟබඩ උද්‍යානයේදීයි. රාජ්‍ය හා පෞද්ගලික අංශ මෙන්ම ස්වෙච්ඡා සංවිධාන ද මෙම වැඩසටහනට ක්‍රියාකාරී දායකත්වය ලබා දෙන අතර දිවයින පුරා නාගරික ප්‍රදේශවල ගස් මිලියනයක් සිටුවීම අපේක්‍ෂාවයි.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 18:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්