පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විශේෂ කමිටුවක් පත්කර කෙරණා. මේ අතර කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියේ රියදුරු ඇතුළු 04 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
පොල්ගහවෙළ දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ. කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේදී කිසියම් දෝෂයක් හේතුවෙන් නතර කෙරුණා. මේ අතර කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය නතර වී තිබූ දුම්රියේ පසුපස ගැටී තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කෙරුණා. පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන තිබුණා.
මේ අතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරී එස් එම් අබේවික්‍රම මහතාට නියෝග කර තිබෙනවා. ඒ සදහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසටද අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා. අනතුරත් සමග දුම්රිය ධාවනය එක් පසෙකට පමණක් සීමා කෙරුණු අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
විජය සමරසිංහ-දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී,
[ot-video type=”youtube” url=”https://youtu.be/iGMRpwYf80c”]