fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇප නැතිව ණය අරන් ජයගන්න අවස්ථාවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 18:03

ඇප නැතිව ණය අරන් ජයගන්න අවස්ථාවක්

තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක්‍රමයට ඉල්ලුම්කිරීම සදහා මධ්‍යම පළාතෙන් සුදුසුකම් ඇති තරුණ ව්‍යවසායකයින් 189 දෙනෙකු හඳුනාගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරනවා. පසුගිය තුන්වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන කමිටුවේදී මේ බව අනාවරණය කළා. රජයේ සංවර්ධන සංග්‍රාම වැඩසටහන යටතේ යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණුකර ගනිමින් මෙම තරුණ ව්‍යවසායකයින් සඳහා ණය ලබාදීමට කටයුතුකර තිබෙනවා.

ඒ යටතේ මධ්‍යම පළාත තුළ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් ව්‍යාපාරික සැලසුම් ලංකා බැංකු කාර්යාල වෙත භාරදී ඇති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සදහන් කරනවා. තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක්‍රමය ඔස්සේ පිළිගත් උපාධියක් හෝ වෘත්තීය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයින් සදහා ඇප නොමැතිව මෙන්ම ලිහිල් ඇප ක්‍රමයක් යටතේ මෙම ණය ලබාදීම සිදුකරයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්