වයස අවුරුදු පහළවෙන් පහළ කාන්තා දකුණු ආසියා පාපන්දු තරගාවලියට එක්වන ශ්රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. භූතානයේ දී අනිද්දා ආරම්භ වීමට නියමිත වයස අවුරුදු පහළොවෙන් පහළ කාන්තා දකුණු ආසියා පාපන්දු තරගාවලියේ ශ්රී ලංකාව ක්රීඩා කරන්නේ ඒ කාණ්ඩය යටතේයි. ඊට සත්කාරක භූතානය සහ ඉන්දියාව ඇතුළත් වනවා. තරගාවලියට රටවල් හයක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටිනවා. ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩිකාවන් විසි තුන් දෙනෙකු ඇතුළත්.